සංඝා trail සමග එක්වෙයි
දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා වන ජනතාවගේ මනුස්සකමේ සවියෙන් මේ රටේ දුක් විදින ලක්ෂ සංඛයාත පිළිකා රෝගීන්ගේ යහපත පිණිස වන අංග සම්පූර්ණ පිළිකා රෝහලක් යාපා පටුනේ ඉදි කරන්නට ජනතා සහයෝගය අපේක්ෂාවෙන් කරන්නට යෙදුණ පා ගමන සාර්ථක කර ගැනීමට 26 දා පැවති අදියරට හිටපු ශ්රී ලංකා ක්රිකට් නායක කුමාර් සංගක්කාරද එක් විය.ලංකාවේ ක්රීඩාවෙන් උපයා ගන්නා ජනප්රියත්වය සමාජ සත්කාර්යයන් කෙරෙහි භාවිතා වීම සිදුවන්නේ ඉතාමත් අඩුවෙන් වන අතර trail පා ගමන එම අඩුව සපුරා මකා ගනිමින් මෙම පා ගමනේ දී විවිධ ක්රීඩාවන් හී නියැලි ජාතික තලයේ ක්රීඩක ක්රීඩිකාවන් ගේ සහභාගීත්වය මෙම පා ගමනට එක් කර ගැනීමට සමත්විය.
පා ගමනට එක් වූ සංගක්කාර යාපනය රෝහල පරික්ෂා කිරීමට ද එක් වූ අතර එහි වෙසෙන කුඩා දරුවන්ට තිළිණ බෙදා දීමට ද එක් විය.ජනතාව අමතමින් අදහස් දැක්වීමකට ද එක් වූ සංගක්කාර නිසා trail නම් වූ අපේ කාලයේ උතුර දකුණ මනුස්සකම යා කරන්නට එලුණු සහෝදරත්වයේ පිය සටහන් වලට අපූරූ වර්ණවත් බවක් එක් කළේය.
පහත දැක්වෙන්නේ සංගක්කාර පා ගමනට එක් වූ කිලෝ මීටර් 21 ක් වූ දුර තුළ ඇදුණු ඡායාරූප මතක සටහන් ය.











